පොළොන්නරු යුගයෙහි කැලණිය වෙහෙර වෙත පුද පූජා උපහාර පැවැත් වූ රජදරුවන් අතර මහා පරාක්‍රමබාහු රජු හා නිශ්ශංකමල්ල රජු විශේෂ වෙයි. මහපැරකුම්බා රජු කැලණිය විහාරයට පූජා පවත්වා, පූජා විධි බලගන්වා ක්‍රමවත් කොට නිසි ආරක්ෂක විධිවිධාන යෙද වූ බව දැක්වෙන අතර, නිශ්ශංකමල්ල රජුගේ ශිලාලේඛනවලට අනුව කැලණි වෙහෙර එම රජු පැමිණ ප්‍රතිසංස්කරණයට දායක වී පූජා පැවැත් වූ ප්‍රධාන විහාර අතර එකකි.
පොළොන්නරුව ආරධානියට එල්ල වූ මාඝ ආක්‍රමණය ලක්දිව බොහෝ වෙහෙර විහාරවලට අභාග්‍ය සම්පන්න ඉරණමක් අත්කර දුන්නේ එම පූජනීය ස්ථාන සතුව තිබූ මහාර්ඝ වස්තු හා දේපල ආක්‍රමණිකයන්ගේ කොල්ලකෑම් හේතුවෙන් සසුනට අහිමි කරවමිනි. එහි බලපෑමට කැලණිය පුදබිම ද ලක් වූ අතර මෙම ආක්‍රමණ සමයෙහි කැලණි පුදබිම ජනශූන්‍ය වූ බව කියැවෙයි.
වර්ගය:ඉතිහාසය