කණ්ඩුල හස්ති රාජයා

a living replica of a legend

කණ්ඩුල හස්ති රාජයා

තායිලන්ත රජතුමා විසින් ශ්‍රී ලංකා ජනරජය හරහා එවා ඇති හස්තියා කැලණි විහාරයට පරිත්‍යාග කර ඇත. වයස අවුරුදු නවයක් වූ මෙම ඇත් පැටවා ශ්‍රී ලංකා ජන රජය මගින් කැලණි රජ මහා විහාරයට භාරදී ඇති අතර එම හස්තියා වත්මන් විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේ ඇතුළු විහාරස්ථානයේ සියලුම සංඝයා වහන්සේලාගේ ද කැලණි ජනතාවගේද ආදරයට ලක්වී ඇත.

දැනට වයස අවුරුදු 28 ක් වන මෙම හස්තියා මහනුවර ශ්‍රී දළදා පෙරහැර , කතරගම පෙරහැර , කැලණිය දුරුතු පෙරහැර ආදී සුවිශේෂී පෙරහැරවලට සහභාගි වන ප්‍රධාන හස්තීන් අතරට එක් වේ. පෙරහැරට අවශ්‍ය ඓතිහාසික අංගවලින් යුත් දැනට ශ්‍රී ලංකාවේ පෙරහැර වලට සහභාගි වන තරුණ ඇතෙකු ලෙස කණ්ඩුල හස්තියා හැඳින්විය හැක.

වසර දහයකට නොඅඩු කාලයක් මුළුල්ලේ දිවයින ප්‍රධාන විහාරස්ථාන හා දේවස්ථානවල පෙරහැර මංගල්‍යයන්ට සහභාගී වන කණ්ඩුල හස්තියා විහාරස්ථානයට පැමිණ ත්‍රිවිධ චෛත්‍යය වන්දනා කරන්නේ ඉතාමත් භක්තියකින් මෙනි.

ශ්‍රී කල්‍යාණී උභය රාජ මහා විහාරාධිපති මහාචාර්ය අති පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ අනුශාසකත්වය යටතේ කණ්ඩුල හස්තියාගේ වර්තමාන භාරකාරත්වය දරන්නේ කැලණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ කථිකාචාර්ය ආචාර්ය පූජ්‍ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමිපාණන් වහන්සේ ය.

කැලණිය රජ මහා විහාරය පිළිබඳව තවත් දැනගන්න

බ්ලොග් අඩවිය

සිංහල