ඉතිහාසය

යුග ගණනාවක් පුර කැලණිය

කැලණිය රජ මහා විහාරයේ ඉතිහාසය

පාලි භාෂාවෙන් ආරාක්ෂා වී ඇති සිරි ලක්දිව ඉපැරණි ම වංසකථා ඇතුළු ඓතිහාසික වාර්තාවන්ට අනුව සම්මා සම්බුද්ධත්වයෙන් අටවෙනි වසරෙහි වෙසක් පුරපසළොස්වක පුන් පොහෝ දින (ක්‍රි. පූ. 519/520) තථාගතයන් වහන්සේ පන්සියයක් මහරහතන් වහන්සේලා සමග මෙම පුණ්‍යභූමියට වැඩම කළහ (දීපවංස, පරි. 02, ගාථා 52-69; මහාවංස, පරි. 01, ගාථා 72-77). ඒ එවක මෙම පෙදෙසෙහි ආධිපත්‍යයෙහි සිටි මණිඅක්ඛික නාරජුගේ ආරාධනයෙනි.

එදා ඒ මහාකාරුණික තථාගතයාණන් වහන්සේ තෙවන වර සිරිලක්දිවට වැඩම කළ දින සිට කැලණිය ඓතිහාසික පුදබිම සිරිලක ඉතිහාසය පුරා සෑම රාජ්‍යොදයක දීම අතිමහත් සම්භාවනාවට පත් වෙමින් ද, බොහෝ රජදරුවන්ගේ පූජාවන්ගෙන් හා අනුග්‍රහයෙන් දියුණුවට හා සශ්‍රීකත්වයට පත් වෙමින් ද, සාර්වභෞම පණ්ඩිත මහාපැවිදි පඬිවරුන්ගේ ඥානාලෝකයෙන් හා අසමසම ශාස්ත්‍රීය සේවයෙන් ඒකාලෝක වෙමින් ද දෙස් විදෙස් රාජකීයයන් ඇතුළු ප්‍රභූන්ගේ මෙන් ම සුවහසක් බෞද්ධ බැතිමතුන් ඇතුළු නොයෙක් ජනීජනයාගේ අනේක විධ පූජා, සත්කාර, සම්මාන හා වන්දනාමානයට පත්වෙමින් ද පිවිතුරු ශුද්ධභූමියක්, මහානුභාව සම්පන්න ආශීර්වාද භූමියක්, සම්භාවනීය විද්‍යාස්ථානයක්, ලෝක පූජිත කලාගාරයක් ලෙස මෙන් ම මහෝත්තම පූජාභූමියක් ලෙස විරාජමාන වෙයි.
කැලණිය රජ මහා විහාරයේ ඉතිහාසය සවිස්තරාත්කම පහත බ්ලොග් පිටු වලින් කියවිය හැකිය.

කැලණිය රජ මහා විහාරය වැඳ පුදා ගත් සම්භාවණීය විදේශ අමුත්තන්

ඔටුන්න හිමි චාල්ස් කුමරු

චාල්ස් කුමරු 1998 පෙබරවාරි 3 වන දින කැලණිය රජ මහා විහාරය නැරඹීය. මහින්ද සංඝරක්ඛිත හිමි කුමරුව විහාරයට පිළිගත්තේය.

චාල්ස් කුමරු බුද්ධ රුපයට මල් පූජා කල අතර, සාම්ප්‍රදායික නර්තන ශිල්පීන් හා බෙර වාදකයින්ගේ ප්‍රසංගයක් නැරඹීය.

කැලණිය රජ මහා විහාරය වැඳ පුදා ගත් සම්භාවණීය විදේශ අමුත්තන්

ෂින්සෝ අබේ - ජපාන අග්‍රාමාත්‍ය

2014 සැප්තැම්බර් 8 දින ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා කැලණිය රජ මහා විහාරය වැඳපුදා ගත්තේය.

කැලණිය රජ මහා විහාරය වැඳ පුදා ගත් සම්භාවණීය විදේශ අමුත්තන්

අකිතෝ - ජපානයේ 125වැනි අධිරාජ්‍යයා

ඔටුන්න හිමි අකිතෝ කුමරු සහ මිචිකෝ කුමරිය ශ්‍රී ලංකා ජනාධිපති ජේ ආර් ජයවර්ධන සමඟ කැලණිය රජ මහා විහාරය වැඳ පුදා ගත්තේය.

කැලණිය රජ මහා විහාරය පිළිබඳව තවත් දැනගන්න

බ්ලොග් අඩවිය

පූර්ව ඓතිහාසික යුගයේ සිට වර්තමානය දක්වා කැලණිය රජ මහා විහාරයේ සවිස්තරාත්මක ඉතිහාසය කියවන්න, නවතම නිල යාවත්කාලීන කිරීම් ලබාගෙන ඔබේ දැනුම අදහස් ලෙස බෙදා ගන්න.

සිංහල