දඹදෙණිය යුගය (1215-1412)

විජයබාහු මහරජු පොළොනනරු යුගය අවසන් සමයෙහි කැලණිය විහාරය පත් ව තිබූ ශෝචනීය තත්ත්වයෙන් කම්පාවට පත් ව විහාර ගෙය සහ සෑරඳුන් පිළිසකර කරවා කැලණිය චෛත්‍යය වෙත රන් මුවා කොත් වහන්සේ නමක් පූජා කළ බව වාර්තාගත ය.

එම රජුගේ පුත් දෙවන පරාක්‍රමබාහු රජු විසින් අනුරාධපුර යුගයේ පටන් පැවැති ඉපැරණි පස්මහල් ප්‍රාසාදය පිළිසකර කරවා දිනපතා කැලණි වෙහෙහෙි පැවැත්වෙන බුද්ධ පූජා, ධාතු පූජා හා ප්‍රදීප පූජා අඛණ්ඩ ව අංගසම්පූර්ණ ලෙස පැවැත්වීම සඳහා සාරවත් නාලිකේර (පොල්) උයනක් කැලණි වෙහෙරට පූජා කොට ඇත. කැලණිය විහාරය ආසන්නයේ ඇති පොල්හේන නම් ප්‍රදේශය එම භූමිය බව ප්‍රකට ය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

සිංහල