කැලණිය රජ මහා විහාරය

පිවිතුරු ශුද්ධභූමියක්, මහානුභාව සම්පන්න ආශීර්වාද භූමියක්, ලෝක පූජිත කලාගාරයක්

කැලණිය රජ මහා විහාරය

`` උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ ``

කැලණිය රජ මහා විහාරයේ ඉතිහාසය

පාලි භාෂාවෙන් ආරාක්ෂා වී ඇති සිරි ලක්දිව ඉපැරණි ම වංසකථා ඇතුළු ඓතිහාසික වාර්තාවන්ට අනුව සම්මා සම්බුද්ධත්වයෙන් අටවෙනි වසරෙහි වෙසක් පුරපසළොස්වක පුන් පොහෝ දින (ක්‍රි. පූ. 519/520) තථාගතයන් වහන්සේ පන්සියයක් මහරහතන් වහන්සේලා සමග මෙම පුණ්‍යභූමියට වැඩම කළහ (දීපවංස, පරි. 02, ගාථා 52-69; මහාවංස, පරි. 01, ගාථා 72-77). ඒ එවක මෙම පෙදෙසෙහි ආධිපත්‍යයෙහි සිටි මණිඅක්ඛික නාරජුගේ ආරාධනයෙනි.

එදා ඒ මහාකාරුණික තථාගතයාණන් වහන්සේ තෙවන වර සිරිලක්දිවට වැඩම කළ දින සිට කැලණිය ඓතිහාසික පුදබිම සිරිලක ඉතිහාසය පුරා සෑම රාජ්‍යොදයක දීම අතිමහත් සම්භාවනාවට පත් වෙමින් ද, බොහෝ රජදරුවන්ගේ පූජාවන්ගෙන් හා අනුග්‍රහයෙන් දියුණුවට හා සශ්‍රීකත්වයට පත් වෙමින් ද, සාර්වභෞම පණ්ඩිත මහාපැවිදි පඬිවරුන්ගේ ඥානාලෝකයෙන් හා අසමසම ශාස්ත්‍රීය සේවයෙන් ඒකාලෝක වෙමින් ද දෙස් විදෙස් රාජකීයයන් ඇතුළු ප්‍රභූන්ගේ මෙන් ම සුවහසක් බෞද්ධ බැතිමතුන් ඇතුළු නොයෙක් ජනීජනයාගේ අනේක විධ පූජා, සත්කාර, සම්මාන හා වන්දනාමානයට පත්වෙමින් ද පිවිතුරු ශුද්ධභූමියක්, මහානුභාව සම්පන්න ආශීර්වාද භූමියක්, සම්භාවනීය විද්‍යාස්ථානයක්, ලෝක පූජිත කලාගාරයක් ලෙස මෙන් ම මහෝත්තම පූජාභූමියක් ලෙස විරාජමාන වෙයි.
කැලණිය රජ මහා විහාරයේ ඉතිහාසය සවිස්තරාත්කම පහත බ්ලොග් පිටු වලින් කියවිය හැකිය.

Section Header ඓතිහාසික කැලනිය රජ මහා විහාරයේ විහාරාධිපති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ

ගෞරවාර්හ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි

ගෞරවාර්හ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි උසස් අධ්‍යෘපනය කැලණිය විශ්වවිද්‍යාලය, ප්‍රංශයේ සොබොන් සරසවිය සහ භාරතයේ දිල්ලි විශ්වවිද්‍යාලයෙන් ද ලැබූ උන්වහන්සේ බෞද්ධ මනෝවිද්‍යාව විෂය ක්ෂෙත්‍රය කොට ආචාර්ය උපාධියෙන් පිදුම් ලදහ. කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ කථිකාචාර්ය, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, සහාය මහාචාර්ය, මහාචාර්ය හා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සහ අධ්‍යයන අංශාධිපති යන පදවි හොබවමින් ශාස්ත්‍රීය හා උසස් බෞද්ධ අධ්‍යයන විෂයයෙහි ඉගෙනීම, ඉගැන්වීම, ශාස්ත්‍රීය පර්යේෂණ, ප්‍රකාශන හා දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ඥානව්‍යාප්තියෙහි යෙදෙමින් තම විෂයක්ෂෙත්‍රයේ පෝෂණයට කටයුතු කළ අතර වර්තමානයේ ඓතිහාසික කැලනිය රජ මහා විහාරයේ විහාරාධිපති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ලෙස සෑම අංශයකින් ම දීප්තිමත් අභිනව යුගයක් වෙත දියුණු කිරීමට උන්වහන්සේ නිවැරදි මාර්ගෝපදේශකත්වයෙන් හා අභීත නායකත්ත්වයෙන් මග සැළසූහ.

වැඩිදුර කියවන්න
Section Header ධර්ම අධ්‍යාපනයෙන් තරුණ සිසුන් පෝෂණය කරන පින්බිම

ශ්‍රී කල්‍යාණි ධර්ම විද්‍යාලය

ශ්‍රී කල්‍යාණි ධර්මවිද්‍යාලය 1953 වසරේ දී එවක ශ්‍රී කල්‍යාණී රාජමහා විහාරාධිපති අතිගෞරවාර්හ විද්‍යාවේදී තලේවෙල විජිත ධම්මරක්ඛිත නාහිමිපාණන්ගේ මූලිකත්ත්වයෙන් ආරම්භ වූ අතර අද වන විට කැලණිය කලාපයේ ප්‍රධාන ම සහ වැඩි ම ශිෂ්‍ය සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබන ධර්මවිද්‍යාලය යි.

වත්මන් ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මගපෙන්වීමෙන් හා මෙහෙයවීමෙන් ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමියෝ වත්මන් ශ්‍රී කල්‍යාණී ධර්මවිද්‍යාලයාධිපති ලෙස කටයුතු කරති.

වැඩිදුර කියවන්න
වසර පුරා පැවැත්වෙන

උත්සව

දුරුතු පෙරහැර

කැලණිය

සෑම වසරකම දුරුතු මාසයේ (ජනවාරි) පුර පසළොස්වක පොයා දිනයට පෙර “දුරුතු පෙරහැර” නමින් පෙරහැරක් පවත්වනු ලැබේ. මෙම අවස්ථාවේදී, සිය දහස් ගණනක් [...]

නිල වෙබ් අඩවිය විවෘත කිරීම

කැලණිය

කැලණිය රාජ මහා විහාරයේ නිල වෙබ් අඩවිය දියත් කිරීමේ උත්සවය සැප්තැම්බර් 12 වන දින පෙ.ව. 10.30 ට ප්‍රධාන රැස්වීම් ශාලාවේදී [...]

කැලණිය රජ මහා විහාරය පිළිබඳව තවත් දැනගන්න

බ්ලොග් අඩවිය

ඉතිහාසය ගැන ගැඹුරින් කියවන්න, නවතම නිල යාවත්කාලීන කිරීම් ලබාගෙන ඔබේ දැනුම අදහස් ලෙස බෙදා ගන්න.

සිංහල