බ්‍රිතාන්‍ය යුගය - (ක්‍රි.ව. 1796-1948)

ඉංග්‍රීසි පාළන සමයෙහි කැලණිය පුදබිමට හිමි ව තිබූ සාංඝික හා ශාසනික දේපල අහිමි කොට හිරිහැර පැමිණ වූ බව ත් සඳහන් වෙයි.

එසේ කැලණිය විහාරභූමිය සීමා කිරීමට එක් උදාහරණයක් නම් කැලණිය විහාරයට මහනුවර මහරජු විසින් පූජා කරන ලද වර්තමාන කැලණිය විහාර පරිශ්‍රය ආරම්භයේ සිට කටුනායක ගුවන් තොටුපල දක්වා විහිදෙන මුතුරාජවෙළ නම් සශ්‍රීක වෙල් යාය රජයට පවරා ගෙන මුඩුබිමක් වීමට ඉඩහැරීම යි (පසු ව එය වෙනත් කටයුතු සඳහා යොදා ගෙන ඇත). වර්තමාන කොළඹ මහනුවර මහා මාර්ගයේ තොරණ හන්දිය නම් ස්ථානය කැලණිය විහාරයට උතුරෙන් ප්‍රවේශ වන පෞරාණික වාහල්කඩ පිහිටි ස්ථානය ලෙස දැක්වෙන අතර, කැලණිය විහාරයේ වර්තමාන පිහිටීම හා වපසරිය ඉහත දැක් වූ ලෙස යටත් විජිත පාලනයන් තුළ ශාසනයට අහිමි කළ උරුමයේ ප්‍රමාණය සංකේතවත් කරයි.

1 thought on “The British Period – (1796-1948 A.D)”

Mallika palliyaguru වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

සිංහල
%d bloggers like this: